IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දොම්පේ දිස්ත්‍රික් රෝහලේ සේවක පුරප්පාඩු නිසා රෝගීන් අසීරුතාවක

( උපාලි රණවීර) 
දොම්පේ  දිස්ත්‍රික් රෝහලේ පවතින සේවක පුරප්පාඩු සදහා මෙතෙක් විසදුම් නොලැබීම නිසා  රෝහලේ පළමු වාට්ටුව වසාදමා එහි රෝගීන් දෙවන වාට්ටුවට අනියුක්ත කිරීමට රෝහල් පාලන අධිකාරිය  පියවර ගෙන ඇත.

      මෙසේ වසාදමා ඇති වාට්ටුව උණ රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර , දෙවන වාට්ටුව තුවාල රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුව වේ. මේ සම්බන්ධයෙන් දොම්පේ දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිළධාරී වෛද්‍යය අරලිය පෙරේරා මහතාගෙන් සිදකල විමසුමකදී ඒ මහතා සඳහන් කළේ මෙවැන්නකි.

  ‘රෝහලේ පවතින සේවක පුරප්පාඩුව මාස ගණනාවක සිටම තිබෙනවා.මේ නිසා රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යාම පවාඅසීරුයි .ඒ නිසා තමයි පසුගිය 23 වන සිකුරාදා ඉදලා  මේ තීරණය ගත්තේ.

වෛද්‍යවරුන් ප්‍රමාණවත් ලෙස සිටියත් දැනට රෝහලේ සිටින්නේ කාර්යය මණ්ඩල සේවකයින් 27 ක් විතරයි.  නමුත් සිටිය යුතු ප්‍රමාණය 48ක්. බාහිර රෝගී අංශයට මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට දෛනිකව රෝගීන් විශාල ප්‍රමාණයක් රෝහලට එනවා.

අලුතින් හදිසි අනතුරු ඒකකයක් ස්ථාපිත කොට තිබුණත් ඒ සදහාත් මේ දක්වාම කාර්යය මණ්ඩල සේවකයින් ලබාදි නැහැ.එහි කටයුතු ආරම්භ කිරීම මෙතෙක් ප්‍රමාද වන්නේද මේ හේතුව නිසයි.රෝහලේ සායනික කටයුතු පවත්වාගෙන යාමට පවා ගැටලු රාශියක් මතුවී තිබෙනවා.මේ සම්බන්ධයෙන් ඉහළ බළධාරීන් පෞද්ගලිකව හමු වීකරුණු වාර්තා කළත් ඒ සදහා විසදුම් මේ දක්වාම ලැබුණේ නැහැ. අප්‍රේල් මාසයයෙන් පසු රෝහල් සේවකයෙකු විශ්‍රාම යනවා ඒ වන විට කාර්යය මණ්ඩලය 26කි.



අදහස් (0)

දොම්පේ දිස්ත්‍රික් රෝහලේ සේවක පුරප්පාඩු නිසා රෝගීන් අසීරුතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31615 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14013 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11095 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site