(ඩී.කේ.රත්න)
වැල්ලවාය ඇතිලිවැව දෙමටත්ආර රක්ෂිතයේ අද (7) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර විස්සක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
රක්ෂියේ ඇතිවූ ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ බිංකොහොඹ ඇහැළ, නික, රණවරා ආදී ඖෂධ පැළෑටි රැසක් සහ වටිනා ශාක වර්ග රැසක් විනාශ වී තිබේ.
ගින්න ඇතිවීමත් සමඟ වැල්ලවාය පොලීසිය විසින් බුත්තල යුද හමුදා කඳවුරේ යුද හමුදා නිළධාරීන්ගේ ද සහයෝගය මත උදෑසන වනවිට ගින්න මුළුමනින්ම නිවා දමා තිබේ.
කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් මෙම රක්ෂිතයේ සිටින ගෝනුන් මුවන් හා වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමටත්ආර රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි