IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


දින 6 කට පෙර මිය ගිය අයකුගේ මළ සිරුරක් සොයා ගනී

( එස්.ඩි. කොඩිකාර )

මීට දින හයකට පමණ ඉහතදී මිය ගිය  පිරිමි නරක් වූ මළ සිරුරක් අද (23) ඉළුක්පිටිය ,කිරිලිපනහේන ලන්ද ප්‍රදේශයේ තිබියදී    සොයා ගත් බව කොස්මෝදර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ (77) හැවිරිදි අවිවාහක ඉගුරුවැල් දෙනිය,ඉළුක්පිටිය ,කොටපොළ ලිපිනයේ පදිංචි පනාගොඩ ගමගේ ධර්මදාස නැමැත්තෙකු බව පොලිසිය කියයි .

මියගිය තැනැත්තා අත් බෙහෙත් කරන පුද්ගලයෙකු බවත්  ඉකුත් (17) වන  දින සිට ඔහු නිවසෙන් බැහැරව ගොස් ඇති බවත්  එදින සිට ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක්    නොලැබුණු බව නිවැසියන් පොලිසියට කළ  පැමිණිල්ලේ සඳහන්ය.

පසුව අද උදෑසන ගම්වාසියෙකුට කිරිලිපනහේන නැමති ලඳු කැලෑවෙන් දුගදක්  හමා ඇති බවත්  එම ප්‍රදේශයට ගොස් නිරීක්ෂණය කිරීමේ දී මිය ගිය නරක් වූ මළ සිරුරක්  දැක ඒ සම්බන්ධයෙන් පොලිසියට  දන්වා ඇත .

පසුව පොලීසිය සමඟ එම ස්ථානයට පැමිණි දෙනියාය හදිසි මරණ පරීක්ෂක කේ.ඒ.ජයන්ත මහතා  මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම සඳහා මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යවන ලෙස නියෝග කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

දින 6 කට පෙර මිය ගිය අයකුගේ මළ සිරුරක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31733 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14193 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 208 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site