IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දැදුරු ඔයෙන් වැලි පැටවු රියදුරෙකුට දඩ

(ඔගස්ටින් ප්‍රනාන්දු)                   

 

 

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකමින් දැදුරු ඔයෙන් වැලි කියුබ් එකක් පටවා ගෙන ගිය ට්‍රැක්ටර් රථ රියදුරෙකුට හලාවත දිසා විනිසුරු මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවීමට නියම කර තිබේ.

ට්‍රැක්ටර් රථ රියදුරු කුමාරකට්ටුව තුක්කිණියාගම පදිංචි නිශ්ශංක ආරච්චිගේ  සුජිත් මධුසංඛ   (22 ) නමැති අයෙකි.

එක්තරා පරිසර සංවිධානයක් විසින් කර තිබු ඉල්ලීමක් සළකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැදුරු ඔයෙහි  වැලි කැණීම සහ ඒවා ප්‍රවාහනය තහනම් කර තිබුණි.

එම තහනම නොතකා විත්තිකරු වැලි පටවා ගෙන යමින් සිටියදී පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

දිසා විනිසුරුවරයා වැලි තොගය රාජසන්තක කරමින්  ට්‍රැක්ටරය මුදා හැර විත්තිකරුට ලක්ෂ දෙකක දඩයක් නියම කළේය.



අදහස් (0)

දැදුරු ඔයෙන් වැලි පැටවු රියදුරෙකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site