(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ රජයේ රක්ෂිතද යම්කිසි පිරිසක් ඊයේ (31) දින රාත්‍රියේ ගිනි තබා විනාශ කොට තිබේ.
රාත්‍රී 9ට පමණ ඇතිවූ මෙම ගින්න පැය කිහිපයක් රක්ෂිතයේ ගහකොළ දැවී යාමත් සමඟ ප්‍රදේශවාසීහු දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට දැනුම් දීමෙන් පසු ගිනි නිවන ඒකකයේ සේවකයන් දැඩි පරිශ්‍රමයක් දරමින් ගින්න නිවා දැමීමට කටයුතු කළහ.
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ පවතින කුඩා ජල කඩිතිවල දිය පානය කිරීම සඳහා එන වන සතුන් දඩයම් කිරීම සඳහා දඩයක්කරුවන් විසින් නිරන්තරයෙන් රක්ෂිතයට ඇතුළු වන බව ප්‍රදේශවාසීහු පවසති.
රක්ෂිත ඇතිවූ මෙම ගින්න ද දඩයම්කරුවන් විසින් තබන්නට ඇතැයි ඔව්හු සැක පළ කරති.
ගින්නට හසු වූ කුඩා සතුන් රැසක් ඒ මේ අත රාත්‍රී කාලයේ ඒ මේ ඇත දිව ගිය අතර කැලෑවෙ සිටි ඉබ්බන් කීප දෙනෙකුගේ දිවි බේරා දීමට ගිනි නිවන භටයන්ට හැකි වීමද මෙහිදී විශේෂත්වයක් විය.
මෙම දිගම්පතහ ආරක්ෂිතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියකි. ගින්නෙන් විනාශ වූ අක්කර ප්‍රමාණය කොතෙක්ද යන්න ගණන් බලා නැති බව වනසංරක්ෂණ නිළධාරියෙකු පැවසීය .කෙසේ වෙතත් දිගින් දිගටම මෙම ප්‍රදේශය ගිනිතබා විනාශ කිරිම පිරිස් විසින් සිදුකරන බව වනසංරක්ෂණ නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කර සිටිති.




2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිගම්පතහ රජයේ රක්ෂිතයට ගිනිතියති