( එම් .සුසිල් ප්‍රියන්ත )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වලිපැන්න-කුරුදුගහහැතැක්ම අතර 52 කණුව අසළදී බවුසරයක් පෙරලීයාමෙන් අද (27 ) අලුයම් කාලය වනතෙක් වැලිපැන්න -කුරුදුගහහැතැක්ම අතර බෙලිඅත්ත සිට කොළඹ දෙසට යන මංතීරුව වසා දැමීමට දක්ෂිණ අධිවේගී මාර්ග පොලීසිය පියවර ගත්තේය .
මේ හේතුවෙන් බෙලිඅත්ත අන්තයේ සිට කොළඹ අන්තයට ගමන්ගත් රථවාහන ඊයේ (26 )රාත්‍රියේ සිට අද (27 ) අලුයම දක්වා කාලය තුළ කුරුදුගහහැතැක්ම හුවමාරු මධ්‍යස්ථානයෙන් එළියට දැමීමට පොලීසිය ක්‍රියා කළේය.
බෙලිඅත්ත, මාතර හා ගාල්ල වැනි නගරවලින් අත්‍යවශය ද්‍රව්‍ය රැගෙන ඒමට කොළඹ බලා ගමන්ගත් ලොරි රථවලට හා සෙසු අනෙක් රථාවාහනවලට කුරුදුහැතැක්ම හුවමාරුවෙන් සාමාන්‍ය මාර්ගයට ඇතුළු වීමට සිදුවිය .
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වලිපැන්න හා කුරුදුගහහැතැක්ම අතර 52 කණුව අසල පෙරැළී ගොස් ඇත්තේ කෙරවලපිටියේ සිට බෙලිඅත්ත දක්වා ගමන්ගත් පාම් ඔයිල් රැගෙන යමින් සිටි බවුසරයක් බවද පොලීසිය කියයි .
මේ බවුසරය දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් අන්තයක රථවාහන ගමන් කිරීමට නොහැකි අයුරෙන් පෙරැළි ගොස් තිබූ බවද පොලීසිය කියයි .
2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දක්ෂිණ අධිවේගීයේ මාර්ග අවහිරයක්