අනීෂා මානගේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරමින් සිටි චීන ජාතිකයකු එම වැඩබිමෙහි කම්කරු නිවාසයක් තුළ මිය ගොස් සිටියදී හමුව ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 43 හැවිරිදි චීන ජාතිකයෙකි. මෙම පුද්ගලයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන වීරකැටිය, බැදිගම, මල්බෙරිය වැඩපලෙහි කම්කරුවකු ලෙස සේවයේ නිරතව සිටි අයෙකි.
මිය ගොස් ඇති විදේශීය ජාතිකයා වැඩබිමට අයත් කම්කරු නිවාසයක් තුළ ඊයේ (15) රාත්‍රී නින්දට ගොස් තිබේ.
අද (16) පෙරවරු කාලයේදී සේවයට වාර්තා නොකිරිම නිසා ඔහු පිළිබදව සොයා බැලූ අනෙකුත් සේවකයින්ට මෙම පුද්ගලයා නිදන ඇදෙහිම මිය ගොස් සිටියදී හමුව තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩබිමෙහි සේවකයින් විසින් වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරින් දැනුම්වත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දකුණු සුපිරි මඟේ වැඩබිමෙහි සේවය කළ චීන ජාතිකයෙක් මරුට