IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දකුණු පළාත් සබේ සේවක දීමනා-වරප්‍රසාද කප්පාදු කිරීමට තීරණයක

(ඩී.ජී.සුගතපාල)

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ට මෙතෙක් කලක් ගෙවන ලද රුපියල් 2500 දීමනාව සහ අනෙකුත් වරප්‍රසාද  මේ මාසයේ සිට කප්පාදු කිරීමට අධිකාරිය තීරණය කර ඇතැයි දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය පවසයි.

මෙම කප්පාදුවට විරෝධය පළකරන නිදහස් සේවක සංගමය  එය නතර කිරීමට පියවර ගන්නා ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතාගෙන් ද  ලිඛිතව ඉල්ලා සිටි.

මේ පිළිබඳව දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සමඟ අද (17) පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වූ බව එම සංගමයේ සභාපති පැවසීය.

ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කරන ලද ලිපියේ සඳහන් වන්නේ 1998 අප්‍රියල් 4 වැනිදා පැවති දකුණු පළාත් අමාත්‍ය මණ්ඩල රැස්විමේදී ගන්නා ලද තීරණයක් අනුව ද කම්කරු දෙපාර්තමේන්තුවේ බේරුම්කරණය ඉදිරියේ සිදුකරන ලද පොරොන්දුවක් අනුව ද මෙතෙක් ගෙවමින් සිටි රුපියල් 2500 දීමනාව කප්පාදු කිරිමට තීරණය කර ඇති බවයි.

එයට අමතරව මැතක සිට රජයෙන් අනුමත කරන ලද රුපියල් 2500 දිමනාව ද කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.

මේ අතර අධිකාරියේ විශාල වශයෙන් දූෂණ පවතින බවද අනුමත නැති තනතුරුවලට නිලධාරින් බඳවාගෙන රජයේ මුදල් අවභාවිත කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කළමනාකරණ චක්‍රලේඛය 05/2017ට පටහැනිව අධිකාරියේ උසස් නිලධාරින් තිදෙනෙකුට ලබාදෙන රුපියල් 10,000 ක දීමනාව වහා නතර කර එසේ වැඩිපුර මුදල් ලබාගෙන ඇති අයට සහ එයට වගකිව යුතු අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද නිදහස් සේවක සංගමය ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටී.

ආණ්ඩුකාරවරයා වෙත යවන ලද මෙහි පිටපත් ජනාධිපතිවරයා වෙත ද ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේ දී මේ සඳහා විසඳුමක් නොලැබුණ හොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය පවසයි.

 



අදහස් (0)

දකුණු පළාත් සබේ සේවක දීමනා-වරප්‍රසාද කප්පාදු කිරීමට තීරණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 12 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 860 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site