IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය විසුරුවා හරී

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකය ඇතුළු තම නිල නාමය යටතේ පවත්වා ගෙන ගිය සියලු විශේෂ විමර්ශන ඒකක වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට ක්‍රියා කළ බව දකුණු හා සබරගමුව පළාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය.

විශේෂයෙන්ම අවශ්‍යතාවයක් මතු වුවහොත් පමණක් එවැනි ඒකකයක් ස්ථාපිත කරන බවත් එය ද පවත්වාගෙන යන්නේ තම සෘජු අධීක්ෂණය යටතේ පමණක් බවත් ඔහු කීය.

යාපනයේ ආවා කල්ලියේ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා තමා විශේෂ විමර්ශන ඒකකයක් පවත්වා ගෙන ගිය බවත් ඒ හැර දකුණු හා සබරගමුව පලාත්වල එවැනි ඒකකයක් ආරම්භ කිරීමට මේ දක්වා අදහස් කර නොමැති බවත් ප්‍රනාන්දු මහතා සදහන් කළේය.

ඒ අනුව මීට පෙර පවත්වා ගෙන ගොස් තිබු දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකය ඇතුළු තම තනතුර යටතේ පැවති සියලු ඒකක විසුරුවා හැර ඒවායේ හි නිලධාරීන් පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් කීය.

මේ අතර දකුණු හා සබරගමුව පළාත් බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා යටතේ පවත්වාගෙන ගිය විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 15 දෙනා රත්ගම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ලබන 10  වැනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.



අදහස් (0)

දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය විසුරුවා හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site