(සුමතිපාල දීයගහගේ)
හෙට (පෙබරවාරි01) ක්‍රියාත්මක කිරීමට නියමිත දකුණු පළාත් රාජ්‍ය සේවයේ 2019 වාර්ෂික ස්ථාන මාරුවීම් තාවකාලිකව අත් හිටුවීමට දකුණු පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
සාධාරණ හේතු මත ඉදිරිපත් කරන ලද අභියාචනා පවා නොසලකා හැර ස්ථාන මාරුවීම් කර ඇති බවට දකුණු පළාත් රාජ්‍ය සේවකයින් රැසක් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සලකා බලා ස්ථාන මාරුවීම් තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන ඇත.
වසර පහ ඉක්මවූ රාජ්‍ය සේවකයින්ගේ ස්ථාන මාරු ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කළ යුතු වුවද දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා පියවර ගෙන ඇත්තේ මෙම ස්ථාන මාරු පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක කිරීමටය.
මේ අතර වාර්ෂික ස්ථානමාරු නියෝගයක් මත නියමිත පරිදි පූර්ව සේවා ස්ථානයෙන් යම් නිලධාරියෙකු නිදහස් නොකරන්නේ නම් හෝ නිදහස් කරන ලද නමුත් නියමිත පරිදි නව සේවා ස්ථාන වෙත රාජකාරි සඳහා වාර්තා නොකර සිටින නිලධාරින්ගේ පෙබරවාරි මස වැටුප නතර කිරීමට සිදුවන බවද අවධාරණය කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා මහතා පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට චක්‍ර ලේඛයක් ද යවා තිබේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු පළාත් රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් අත්හිටුවයි