(සිරංගිකා ලොකුකරවිට)
ජනාධිපතිවරණයට අදාලව දකුණු පළාතෙන් මේ වනවිට මැතිවරණ පැමිණිලි 190ක් ලැබී ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වාර්තා සඳහන් කරයි.වැඩිම පැමිණිලි සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම සංඛ්‍යාව 109කි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 40ක් ද මාතර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 46ක් ද ලැබී ඇත. මෙම පැමිණිලි සියල්ල සුළු පැමිණිලි වන අතර බරපතල සිද්ධි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවද සඳහන් වේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති පැමිණිලි වලින් 34ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර වෙනත් පැමිණිලි 6ක් ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ මැතිවරණ පැමිණිලි විමර්ශන අංශය සඳහන් කරයි.
මෙයින් 36ක් විසඳා ඇති අතර ඒයින් 26ක් සත්‍ය පැමිණිලි බවත් අනෙක් පැමිණිලි අසත්‍ය ඒවා බවත් තහවුරු වී ඇත. ඒක් පැමිණිල්ලක් පරීක්ෂා කරමින් පවතින බවත් සඳහන් වේ.
මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබී ඇති පැමිණිලි සියල්ල මැතිවරණ නීති කැඩීම් සම්බන්ධ සුළු සිද්ධීන් බව මාතර දිස්ත්‍රික් මැතිවරණ විමර්ශන අංශය සඳහන් කරයි.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකුම නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති මැතිවරණ පැමිණිලි සම්බන්ධව අදහස් දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා පවසා සිටියේ ඉදිරිපත්වන පැමිණිලි සම්බන්ධව ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකකය මගින් කටයුතු සැලසුම් කර ඇති බවයි.
ඒ මගින් බරපතල තත්ත්වයන් උද්ගතවීම බොහෝදුරට වළක්වාගතහැකි වන බවත් පොලිසියේ සහාය ද සහිතව ගැටලු විසඳීමට ක්‍රියාකරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනකුම ඉදිරිපත් වන බැවින් හම්බන්තොට දිස්ත්‍රික්කයට මෙවර ජනාධිපතිවරණය සුවිශේෂී වූවද මෙතෙක් බරපතල පැමිණිලි කිසිවක් වාර්තා වී නොමැති බවත් දේශපාලනඥයන්ගේ පූර්ණ සහයෝගය ඒ සඳහා ලැබුණු බවත් හෙතෙම පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දකුණු පළාතෙන් මැතිවරණ පැමිණිලි 190 ක්