(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාතේ වෙරළ ආශ්‍රිත පාසල්වල සිසුන්ට පාසල හැරයාමෙන් පසු සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවිය යුතු නිවැරැදි ක්‍රමවේදය දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි රුහුණු සංචාරක කාර්යංශය පවසයි.
එම පාසල්වල අ.පො.ස උසස්පෙළ හා සාමාන්‍ය පෙළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවද රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති තිසර ගුණසිංහ මහතා පවසයි.
සංචාරක බලපත්‍ර ලබාගන්නා අකාරය, සංචාරකයින් සමග ගනුදෙනු කරන ආකාරය, තමන්ගේ ආරක්ෂාව ඇතුළු සංචාරක ක්ෂ්ත්‍රයේ විවිධ අංශයන් පිළිබඳව මෙහිදී දැනුවත් කිරීමට කටයුතු කරන බවද ගුණසිංහ මහතා කියයි.
මෙම වැඩසටහන පැවැත්වීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අනුමැතිය ලබාගෙන ඇති බවද ඒ මහතා කියා සිටී.
ජාතික සංචාරක අධිකාරියේ පුහුණුව ලැබූ විශේෂඥ පිරිසක් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු මෙම වැඩසටහනට සම්පත් දායකත්වය දක්වති.
මෙය ඉලක්ක කරගනිමින් පාසල් දරුවන් අතර සංචාරක සමාජ පිහිටුවීමට නියමිත බවද රුහුණු සංචාරක කාර්යංශයේ සභාපතිවරයා සඳහන් කරයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
දකුණේ පාසල් හැර යන සිසුන් සංචාරක ක්ෂේත්‍රයට යොමුකරවීමේ වැඩසටහනක්