(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පාසල් වාර පරීක්ෂණවලදී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලබා දී ඇති කාලසටහන සිසුන් පීඩාවට පත්කරන්නක් බවට ගුරු සංගම් චෝදනා කරයි.
එම කාල සටහන්වලට අනුව 10 ශ්‍රේණියේ සිසුන්ට දින කිහිපයක් උදෑසන 7.45 සිට සවස 5.15 දක්වා විභාග පැවැත්වෙන බවද එම වේලාවන් සිසුන්ට පීඩාකාරී තත්වයක් බවද ඔවුහු කියා සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ දකුණු පළාත් ලේකම් සුනිල් ගමගේ මහතා පැවසුවේ 10 ශ්‍රේණියේ සිසුන්ට නොවැම්බර් 7 සහ 8 යන දිනවලදී සිංහල සහ බුද්ධාගම විෂයනුත්, නොවැම්බර් 9 දිනයේදී ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයනුත් උදෑසන 7.45 සිට සවස 5.15 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. චිත්‍ර විෂය සඳහා නොවැම්බර් 8 වැනි දින උදෑසන 7.45 සිට පෙරවරු 11.00 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයත්, පස්වරු 1.15 සිට 5.15 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයත් ලබා දීමට කටයුතු සලසා ඇති බවද, එය ගැටලු සහගත බවද ඒ මහතා කීය.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිමල් දිසානායක පැවසූයේ මෙම කාලසටහනට විභාග පැවැත්වීම ගැටලු සහගත තත්වයක් වුවද, විභාග පැවැත්වීමට ඇති දින ගණන සීමිත වීමත්, 10 සහ 11 ශ්‍රේණිවල විභාග එකවර පැවැත්වීම සඳහා පාසල්වල පහසුකම් නොමැතිවීමත් හේතුවෙන් මෙම කාලසටහනට කටයුතු කිරීමට සිදුව ඇති බවයි. එය ගුරුවරු, සිසුන් සියලු දෙනා අවබෝධ කරගත යුතු බවද ඒ මහතා කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දකුණේ පාසල්වල විභාග කාලසටහන ගැන ගුරු සේවා සංගමයෙන් චෝදනා
sudeera mudalige - hakmana Thursday, 31 October 2019 07:07 AM
දකණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉන්න අයට ඕවා වැඩක් නැහැ. කොහොම හරි වැඩේ කෙරෙනවනම් ඒ ඇති.