(රංජිත් රාජපක්ෂ)
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බස්නා දික්ඔය ඇළ මාර්ගය අසන්නයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවකින් ඉවතලන කසළ තේ දික්ඔය ඇළ මාර්ගයට මුදා හැරීම නිසා එහි ජලය කළු පැහැවී අපවිත්‍රවී ඇතැයි ජාතික ජලජ ජීවි වගා සංවර්ධන අධිකාරී නුවරඑළිය කාර්යාලයේ නිලධාරීහු පවසති.
මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග දික්ඔය ඇළේ ගලා බසිනා ජල ධාරිතාව අඩු වී ඇති බවත්, කාසල්රී ජලාශයේද ජල මට්ටම පහළ බැස ඇති බවත් කාසල්රි ජලාශයේ ධීවරයෝ කියා සිටියහ.
හැටන් සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළ මාර්ගයේ ජලය වනරාජාවත්ත ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් දෛනික කටයුතු සඳහා භාවිත කරන අතර ජලය අපවිත්‍රවීම හේතුවෙන් එම ජනතාවද දැඩි පීඩාවට පත් ව සිටිති.
තේ කර්මාන්ත ශාලාවල ඉවතලන අපද්‍රව්‍යය සහ කසළ තේ කිසිදු පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකර සෘජුවම ඇළ මාර්ගවලට මුදා නොහරින ලෙස මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලය ද තේ වතු සමාගම්වලට සහ වතු අධිකාරිවරුන්ට දැඩි කොන්දේසි පනවා ඇත.
මේ සම්බන්ධයෙන් ජාතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරිය සහ හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දික්ඔය ඇළට කසළ තේ ගලයි