(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි තේ කර්මාන්ත ශාලා බිඳ රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සොරකම් කරණ ලද පුද්ගලයෙක් අද (21) උඩුගම පොලිස් වසමේ තුම්මෝදර, තලංගල්ලේදී අත් අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය කියයි.
වඳුරඹ පිහිටි ඖෂධ ශාලාවක් බිඳ එහි මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී නාගොඩ,බද්දේගම,වඳුරඹ,අකුරැස්ස සහ කහවත්ත යන ප්‍රදේශවල තේ කර්මාන්ත ශාලා බිඳ මුදල් සොරකම් කිරීම් පිලිබඳ අනාවරණය කර ගත් බව පොලීසිය කියයි.
සැකකරුට විරුද්ධව මීට පෙර විවිධ ප්‍රදේශයන්හි අධිකරණ ගණනාවක විභාග වූ නඩු 22 ක් පැවති බවද පොලීසිය කියයි.
තේ අක්කර 05 ක් සහ වාහන දෙකක් පරිහරණය කරමින් ඉතාමත් සුඛෝපභෝගී ජිවිතයක් සැකකරු ගත කර ඇති බවද පොලිසිය සිදුකල විමර්ෂණයේදී අනාවරණය කර ගෙන තිබේ.
උඩුගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අයි.ඩී.සී.ක්‍රිෂාන්ත මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
35 හැවිරිදි සැකකරු හෙට (22) උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
උඩුගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අයි.ඩී.සී.ක්‍රිෂාන්ත, පොලිස් පරික්ෂක ජී.ඒ.ඒ.පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන 45332 විජේනායක,84733 පුබුදු,90163 චන්ද්‍රසේකර යන නිලධාරින් සැකකරු අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුමට එක්වී තිබේ.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තේ කම්හල් ගණනාවක් බිඳ මුදල් සොරකම් රැසක් කළ අයෙක් අත්අඩංගුවට