( තිළිණි ද සිල්වා )
විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් ලබන සෙනසුරාදා(13) ත්‍රිකුණාමලයේ දී විවෘත කෙරෙන බව එම අමාත්‍යාංශය කියයි.
මහජනතාව වෙත ලබා දෙන සේවාවන්හි ඵලදායීතාවය ශක්තිමත් කිරීම තුළින් රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය එදින පස්වරු 2.00ට විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබේ.
මෙම කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම තුළින්, නැගෙනහිර පළාතේ සහ යාබද ප්‍රදේශවල වෙසෙන ජනතාවට කොළඹ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත ගමන් කිරීමෙන් තොරව කොන්සියුලර් සේවා රැසක් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසෙනු ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd