(කාංචන කුමාර ආරියදාස)
ඉතා රහසිගතව ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙරට තහනම් කර ඇති වල්නාශක පැකට් දඹුල්ල නගරයේ මහා පරිමාණයෙන් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ගොවි සංවිධාන සහ සිවිල් සංවිධාන අවධාරණය කරයි.
ඉන්දියාවෙන් මුහුදු මගින් ගෙන්වා මෙම අධි විසැති වල්නාශක පැකට් රුපියල් දහසේ සිට 1500 දක්වා වූ මිල ගණන් යටතේ ඉතා රහසිගතව ගොවිපළවලට ගොස් සහ දඹුල්ල නගරයේ කෘමිනාශක අලෙවිසල්වල රහසිගතව සඟවා ගෙන අලෙවි කරන බව මෙම සංවිධාන අවස්ථා කිහිපයකදීම පලිබෝධනාශක කාර්යාංශයට සහ පොලිසියට දැනුම් දී තිබෙන බව දඹුල්ල තරුණ සංවිධානයේ සභාපති රංජිත් ප්‍රේමසිරි මහතා පැවසීය.
ඉතා උග්‍ර විස සහිතව මෙම වල්නාශක අලෙවි කිරීම ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වන බව තම තරුණ සංවිධානය අවස්ථා ගණනාවකදීම පලිබෝධ නාශක කාර්යාංශය වෙත දුරකථනයෙන් දැනුම්දී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත දඹුල්ල පොලීසිය සහ පළිබෝධ නාශක කාර්යංශයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මීටර් දෙසීයක් පමණ දුරින් මාතලේ මාර්ගයේ පිහිටි කෘමිනාශක අලෙවිසලක සඟවා තිබූ නීතිවිරෝධී වල්නාශක පැකට් 116ක් සහ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තහනම් වල්නාශක අලෙවි කිරීමේ ජාවාරමක් දඹුල්ලේ