(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පත්මා කුමාරි )
පොකිරිස්සන් ඇල්ලීම තහනම් මාසවලදී තහනම නොතකමින් ඇල්ලු පොකිරිස්සන් 106 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදට මුදා හැරීමට කටයුතු කළ බව සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
මෙම පොකිරිස්සන් මුහුදේ කූඩු තුළ සගවා සිටියදී නාවික හමුදා නිලධාරින් හා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු අද (29) සොයා ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
කල්පිටියට ආසන්න මුහුදු තීරයේ වෙරළට ආසන්නයේ මීටර් 300 කට දුරින් විශාල කූඩු සකසා ඒවා තුල පොකිරිස්සන් සගවා තිබූ බව ධීවර නිලධාරීහු පවසති.
එසේ කූඩු තුළ දමන පොකිරිස්සන් ජී.පී.එස් තාක්ෂණයෙන් නිරීක්ෂණය කිරීමටත් මෙම ජාවාරම සිදුකරන්නන් කටයුතු කරන බව ධිවර නිලධාරීහු පවසති.
පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස තුළදී කිසිම ආකාරයකින් පොකිරිස්සන් ඇල්ලීම, ළඟ තබා ගැනීම, ප්‍රවාහනය, අළෙවි කිරීම හා අපනයනය සපුරා තහනම් කර ඇති බව කියයි.
( ඡායාරූප හිරාන් ප්‍රියංකර)
ඡායාරූප - පත්මා කුමාරි
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තහනම නොතකා ඇල්ලූ පොකිරිස්සන් 106 ක් මුහුදට මුදාහරී