IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


තහනම් දැල් ආම්පන්න යොදාගන්නවාට විරුද්ධව මුලතිව් ධීවරයෝ උද්ඝෝෂණයක

(රොමේෂ් මධුෂංඛ)


 මුලතිව්හි තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් ධීවරයින් මසුන් ඇල්ලීම හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇති බව පවසමින් මුලතිව් ධීවරයින් විශාල පිරිසක් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අද (25) සිට තහනම් දැල් ආම්පන්න නැවත්වීමට ධීවර බලධාරීන් පියවර ගෙන ඇත.


මුලතිව් කල්ලප්පාඩු ප්‍රදේශයේ පිහිටි සහකාර ධීවර පරික්ෂක කාර්යාලයේ ඊයේ (24) සවස මුලතිව්හි සියලුම ධීවර සංගම් නියෝජිතයින් සමග මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් අතර විශේෂ හමුවක් පැවතුණේ අදාල තහනම් ධීවර ආම්පන්න ගැටළුව විසඳීම සඳහායි.


අදාල සාකච්ඡාවේදී තහනම් දැල් භාවිතයට පිළිගත හැකි විසඳුමක් නොලැබීම මත මුලතිව් සියලු ධීවරයින් එක්ව ධීවර පිරික්ෂක කාර්යාලය ඉදිරිපිට වාඩි වෙමින් උද්ඝෝෂණයක නිරත වුණේ ගැටලුවට විසඳුමක් ලබා දෙන තුරු නිලධාරීන්ට පිටව යාමට නොදෙන බව පැවසීය.


එහිදී අවසානයේදී ධීවර පරික්ෂක නිලධාරීන් ඇතුලු රජයේ නිලධාරීන් විසින් උද්ඝෝෂකයින්ට පොරොන්දු වූවේ අද (25) සිට මුලතිව් මුහුදේ තහනම්  දැල් ආම්පන්න යොදාගනිමින් ධීවර කටයුතු සිදු කිරීම තහනම් කරන බවටත් එසේ තහනම් දැල් ආම්පන්න යොදා මසුන් අල්ලන ධීවරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවටත් පොරොන්දු වීමෙන් පසුව උද්ඝෝෂණය නවතා දැමීමට පියවර ගෙන තිබිණි. 


උද්ඝෝෂණයේ නිරත වූවන් වැඩි දුරටත් පවසා  සිටියේ මසුන් ඇල්ලීම සඳහා බොහෝ ධීවරයින් ඩයිනමයිට් බෝම්බ  යොදන බැවින්  කුඩා මසුන් විශාල පිරිසක් මිය යන බවටත් ලයිලා සුරුක්කු වැනි තහනම් දැල් ආම්පන්න යොදා මසුන් ඇල්ලීම මගින් මුලතිව්හි කුඩා මසුන් විනාශ වන අතරම සාගර සම්පත්ද දැඩි ලෙස  විනාශ වී පාරසරික ගැටලු රැසකටද මුහුණ පෑමට සිදුව ඇති බවටයි.


            

 



අදහස් (0)

තහනම් දැල් ආම්පන්න යොදාගන්නවාට විරුද්ධව මුලතිව් ධීවරයෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14180 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site