IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


‘තව්හිද්‘ ලෙස මූස්ලිම් පල්ලි 16 ක්

(නිමන්ති රණසිංහ)

‘‘තවුහිද් ජමාද්’’ මුස්ලිම් පල්ලි ලෙස ලියාපදිංචි කිරීමක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ සිදුකර නොමැති අතර ‘‘තවුහිද්’’ නමින් පල්ලි 16 ක් ශ්‍ රීලංකාවේ පිහිටුවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (23) කරුණු වාර්තා කර ඇත.

එසේම ‘‘තවුහිද්’’ සංවිධානවල පරිපාලනය යටතේ ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් පල්ලි 80 ක් ස්ථාපිත කර ඇති බවද එම අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සිය ප‍්‍රකාශයේ සඳහන් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මොහොමඩ් රිෆායිදින් මොහොමඩ් මලික් යන අය මෙම ප‍්‍රකාශය ලබාදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් එලෙස අධිකරණයට දැනුම් දී තිබේ. 



අදහස් (3)

‘තව්හිද්‘ ලෙස මූස්ලිම් පල්ලි 16 ක්

Prabha Wednesday, 23 October 2019 04:16 PM

මේ කුණු දේශපාලන ක්‍රමය තියෙනකල් ඔසාමා බිල් ලාඩන් නමින් නම් කරත් පුදුම වෙන්නේ නෑ

:       0       324

බද්රානි Wednesday, 23 October 2019 07:41 PM

ශ්‍රී ලංකා තව්හිත් ජමාත් සංවිධානය තමයි ලංකාවේ බිහිවූ ත්‍රස්තවාදීන් බිහිකළ මව් සංවිධානය.

:       5       41

රවින් Thursday, 24 October 2019 01:57 AM

සියලු ආගම් බේදයකින් තොරව , ඕනෑම ආගමික ස්ථානයක් ලියාපදිංචියකින් තොරව පිහිටුවීම වහාම අත්හිට විය යුතුය. පහුගිය කාලපරිච්චේදය තුළ කොපමණ වාර්තා පළවුණාද විවිධ ආගමික ස්ථාන පිළිබඳ ගැටුම්කාරී තත්ත්වයන්. අසරණ මිනිසුන් කීපදෙනකු මුලා කරගෙන පිහිටවනු ලබන හතුවැනි විවිධ ඇදහිලි ස්ථාන කියක් මෙරට තියනවාද?

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 66 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site