(ඩබ්. ඒ. පියතිලක)
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හතමුණ බුබුල කලාපය භාර රවීන්ද්‍ර ලක්මල් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ විරෝධතාවට සහයෝගය පළකිරීම සඳහා හිඟුරක්ගොඩ, පොළොන්නරුව දිස්ත්‍රික්කවල සියලු ප්‍රාදේශීය මන්ත්‍රීවරු අද(24) ප්‍රධාන බස් නැවතුම්පළ වෙත පැමිණියහ.
මන්ත්‍රීවරයා හිඟුරක්ගොඩ තෙමහල් පොදු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලට නැග දින දෙකක් පුරා විරෝධය දක්වමින් සිටී.
මෙම මන්ත්‍රීවරයාගේ විරෝධයට සහාය දක්වන සියලුම ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මන්ත්‍රීවරුන් පවසා සිටින්නේ රෝෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කළ මෙම ක්‍රියාව කිසිසෙත් සුදුසු ක්‍රියාවක් නොවන බවයි. රවින්ද්‍ර ලක්මල් බණ්ඩාර මන්ත්‍රීවරයා මහජන ඡන්දයෙන් හතමුණ බුබුල කොට්ඨාසයෙන් තරග කර එම ප්‍රදේශයට පත් වූ එම කොට්ඨාස භාර මන්ත්‍රීවරයා බවත් එම තනතුරෙන් ඉවත් කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවත් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඒ සඳහා විනය පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.


2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තවත් ප්‍රා. සභා මන්ත්‍රීවරු හිඟුරක්ගොඩ මන්ත්‍රීගේ සහයට එති
Perera Tuesday, 24 December 2019 02:44 PM
ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු තවම නියම වැඩ පටන් අරන් නැහැ. අප්‍රේල් මාසෙට පස්සේ හොඳ හොඳ සෙල්ලම් බලන්න පුලවන්.