IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තෙල් මිල වැඩි කිරීමට විරෝධය පා ගාල්ලේදී උද්ඝෝෂණයක්

(රවී ලියනගේ / ජේ.කේ.එල් චාමින්ද සහ ඩි.ජි.සුගතපාල)

තෙල් මිල වැඩි කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (17)  ගාල්ල ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිටදී පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම උද්ඝෝෂණයට විශාල පිරිසක් එක්ව සිටියහ.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා මෙසේ ද පැවැසීය.

  ‘‘ජනතාවට සහන දීම පසෙකලා ආණ්ඩුවේ ලොකු ලොක්කෝ කෝටි ගණන්වල වාහන ගෙන්වනවා. වහාම තෙල් මිල අඩුකර ජනතාවට සහන ලබාදීමට මේ රජය කටයුතු කළයුතු බවත් එසේ නොකළහොත් ජනතාව සමඟ එක්වී රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බව ඔහු පැවසීය

මෙම අවස්ථාවට සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ, හිටපු පළාත් සභා මන්ත්‍රී ටී. කේ ජයසුන්දර, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරු එක්ව සිටියහ.

ඡායාරූප - රවී ලියනගේ

 

ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද සහ ඩි.ජි.සුගතපාල



අදහස් (1)

තෙල් මිල වැඩි කිරීමට විරෝධය පා ගාල්ලේදී උද්ඝෝෂණයක්

dickie bird Tuesday, 17 July 2018 04:27 PM

තෙල් මිල 4% ලෝක වෙළද පොලේ අඩුවෙලා. දැන් බැරලය අද $ 72.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site