(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ, ශාන්ත ෆැට්ට්‍රික් දේවාස්ථානය අසළ වෑන් රථයක් මාර්ගයේ කණ්ඩියේ හැපී එහි රියදුරු ඇතුලු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කළ බව තලවාකැලේ පොලීසිය පවසයි.
අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයන් 08 දෙනෙක් ගමන් කර ඇති බවත් පොලීසිය පවසයි.
තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවත්, ඔවුන් නුවරඑළිය මහ රෝහල වෙත යැවීමට පියවර ගත් බවත් පොලීසිය කියයි.
කිරිබත්ගොඩ සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නුවරඑළියේ ඥාතියෙකුගේ නිවසට යමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇත.
රියදුරාට නින්ද යාම හේතුවෙන් මාර්ගයේ කණ්ඩියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව තලවාකැලේ පොලීසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තලවකැලේ රිය අනතුරකින් 4ක් රෝහලේ