(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ ග්‍රේට්වෙස්ටන් කඳුවැටියේ අද (09) සවස ගින්නක් හටගෙන ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.
ග්‍රේට්වෙස්ටන් දුම්රිය ස්ථානය ආසන්නයේ හට ගෙන ඇති ගින්න මේ වනවිට කඳුවැටියේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරයමින් පවතින බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.
තවදුරටත් ගින්න පැතිරී ගියහොත් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටත් බාධා එල්ල වියහැකි බව ඔවුහු කියති.
කිසියම් පිරිසක් කඳුවැටියට ගිනි තබන්නට ඇතැයි තලවකැලේ පොලිසිය පැවසීය.
අති සංවේදී පරිසර කලාපයකින් සමන්විත ග්‍රේස්වෙස්ටන් කඳුවැටිය ජල උල්පත් රැසක තෝතැන්නක් බවත් කඳුවැටියේ දැනට පැතිරී යන ගින්න පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ සීඝ්‍රයෙන් ව්‍යාප්තව වෙමින් පවතින බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තලවකැලේ ග්‍රේට්වෙස්ටන් කඳුවැටියේ ගින්නක්