(රොමේෂ් මධුෂංඛ)
තලෙයිමන්නාරම කර්මාන්ත පුරය ආසන්නයේ ස්ථානයක ඇටසැකිලි තොගයක් වළදමා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අදාල ස්ථානයේ කැනීම් කටයුතු සිදුකළ බව පොලිසිය පවසයි.
බදාදා (05) දිනය පුරා සිදු කළ කැනීම් අතරතුරදී එක් මිනිස් හිස්කබලක බවට සැකකෙරෙන කොටස් හමු වූ බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.
මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝගයන් පරිදි කැනීම් කටයුතු සිදු කරනු ලැබූ අතර අදාල කර්මාන්ත පුරය ආසන්නයේ පිහිටි ජල නලයක් ආසන්නයේ මෙම කැනීම් කටයුතු සිදු විය.
මන්නාරම් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයන් පරිදි කැනීම් කටයුතු ඊයේ දින සවස නවතා දැමුණු අතර නැවත මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයන් පරිදි ඉදිරියේදී නැවත් කැනීම් සිදු කිරීමටද මන්නාරම් පොලීසිය පියවර ගෙන ඇත.
මීට පෙරද මන්නාරම් තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී සිදු කළ සමූහ මිනී වළකින් මිනිස් ඇටසැකිලි 81 ක් වළදමා තිබියදී සොයා ගැනිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තලෙයිමන්නාරම සමූහ මිනීවළක් පිළිබඳ සැකයක්