විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් මුල්වරට ඉදිවන කතරගම විගමණික ශ්රමික නිවාඩු නිකේතනයට මුල්ගල තැබීම බ්‍රහස්පතින්දා (3) විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මූලිකත්වයෙන් සිදුවිය.
‘පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී අවසාන ජනාධිපතිවරණ හාලිඇල ප‍්‍රචාරක රැස්වීමට සහභාගි වන දවසේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සම්පත් මධ්‍යස්ථානය ඉඳිකිරීමට මුල්ගල තැබීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිදුකෙරුණා. මම දන්නේ නෑ ඇත්තටම මුල්ගල තිබ්බද නැද්ද කියලා. වීදුරු පෙට්ටියක් අස්සේ අපි දැක්කේ මුල්ගල තියෙනවා. හැබැයි වියදම එක්කෝටි දසලක්‍ෂයයි. ඒ කියන්නේ මුල්ගල් තැබීමේ උත්සවයේ වියදම ලක්‍ෂ 110යි. අද අපි මුල්ගල තිබ්බ උත්සවයේ වියදම රුපියල් 350,000.00යි. නමුත් මේ වියදමත් අවශ්‍ය නෑ කියලා මම හිතන්නේ. මට ඕනි වුනේ මුල්ගල තියලා යන්න. මේ වගේ පොඩි උත්සවයක්වත් තියන්න නෙවෙයි. මට හිතාගන්න බෑ විගමණික ශ‍්‍රමිකයින් දුක්විඳින කොට පසුගිය කාලයේ මුල්ගල් තැබීමට ලක්‍ෂ 110 වියදම් කළේ, කොහොමද කියලා.‘ යැයිද ඇය කීවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තලතා අතින් විගමණික ශ්රමික නිවාඩු නිකේතනයකට මුල්ගල්