(අමදෝරු අමරජීව)
ඇමැති රිෂාඩ් බදියුදීන් ඇතුළු ආණ්ඩුකාරවරු දෙදෙනෙක් එම තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරින් කිහිප දෙනෙකු අද (3) ත්‍රිකුණාමලය නගරයේ උපවාසයක් ආරම්භ කරනු ලැබීය.
ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය සභාවේ දෙමල සන්ධාන මන්ත්‍රි එස්.කෝනේෂ්වරනාදන් මහතා ඇතුළු පිරිසක් මෙම උපවාසය ආරම්භ කර ඇත.
එයට සහය පලකරමින් චීන වරාය බෝධිරාජාරාමාධිපති අලුත්ඔය සද්ධාතිස්ස, මහමායාපුර සිද්ධස්ථාරාමාධිපති දොඩංදුවේ ධම්ම නන්ද යන හිමිවරු ද චීනවරාය ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ මීසම්පති ගරු ජෝර්ජ් දිසානායක පියතුමා ද ඒ අසල රැදී සිටිනු දක්නට ලැබිණි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රි පි.ඩබ්.සුසන්ත ජයලත් මහතාද මෙම උපවාසයට එක්විය.
උපවාසයේ නිරත වී සිටින පිරිස් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කර උපවාස සිදුකරන බවයි.

2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ත්‍රි’ මලේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුත් උපවාසයක