(වසන්ත චන්ද්‍රපාල)
තොප්පිගල ,නාරකමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර පළාත් පරිපාලන මධ්‍යස්ථානය අත්පත් කරගැනීමට කමාන්ඩෝ භටයෝ අද (19) සමත්වූහ.
එහිදී ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන කුළුණක්, අවිගබඩාවක් විනාශ කිරීමට කමාන්ඩෝ සෙබළුන් සමත්වූහ.
දියකාවා යුද අභ්‍යාසයේ පුහුණු අභ්‍යාසයක් ලෙස පැවැත්වූ මෙම මෙහෙයුමට පළමු වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයෝ සහභාගී වූහ.එය දියකාවා යුද අභ්‍යාසයේ 19 වැනි අභ්‍යාසය වූ අතර මේ සඳහා කමාන්ඩෝ සෙබළුන් 40 ක් පමණ සහභාගී වූහ.
මෙම ක්‍රියාන්විතයට කමාන්ඩෝ භටයින් 8 දෙනා බැගින් වූ කණ්ඩායම් පහක් ලෙස සහභාගී වූ අතර ඉන් කණ්ඩායම් දෙකක් මෙහෙයුම සඳහා ගුවනින් පැමිණි අතර නිරීක්ෂණ කණ්ඩායම් දෙකක් සහ අතිරේක භට කණ්ඩායමක් ලෙස ඔවුහු මෙහෙයුමට එක්වූහ.
එසේම මෙම මෙහෙයුමට විදේශීය හමුදා සෙබළුන් පිරිසක්ද සහභාගී වී සිටියහ. මෙහෙයුම අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ මෙය ඔවුන්ට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වූ පුහුණුවක් බවයි.
මෙම අභ්‍යාසය නිරීක්ෂණය කිරීම සඳහා දියකාවා යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනිල් සමරසිරි මහතා එක්ව සිටියේය.
පලවෙනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී කර්නල් චමින්ද කරුණාරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ත්‍රස්තයන්ගේ නැගෙනහිර පළාත් පරිපාලන මධ්‍යස්ථානය අල්ලන පුහුණු මෙහෙයුම අවසන්
Amila Friday, 20 September 2019 05:46 AM
අපිත් මේක පොඩි කාලේ කලා කට්ටි දෙකකට බෙදිලා.