IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ත්‍රිරෝද රිය පෙරැළී අයෙක් මරුට

( රංජිත් රාජපක්ෂ )                         

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඩා ඇළ මාර්ගයකට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මගියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් දික්ඔය මාණික්‍ය වත්තේ පදිංචි කාර්තික වරායන් සුන්දරම් (63) නැමති තිදරු පියෙකි.

මරණකරු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට රැගෙන යන අවස්තාවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව පොලිසිය පැවසිය.

හැටන් සිට මරණකරු පදිංචි වතුයාය දක්වා ත්‍රිරෝද රථය ධාවනය කරවන අවස්තාවේදී  ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන ත්‍රිරෝද රථය ඇළ මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බව පොලීසිය පැවසීය.

ත්‍රිරෝද රථය අනතුරට පත්වන අවස්තාවේ ත්‍රිරෝද රථය තුල රියදුරා සමග මගින් තිදෙනෙකු ගමන් කර ඇති අතර , අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරා ඇතුළු මගින් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

 



අදහස් (0)

ත්‍රිරෝද රිය පෙරැළී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site