( නිශාන්ත කුමාර)
කළුගහකඳුර - පිටමාරුව ප්‍රධාන මාර්ගයේ බෝගස්තැන්න මංසන්ධිය ආසන්නයේදී අද (06) ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනෙකු , කාන්තාවක් ඇතුළු හයදෙනෙකු බරපතළ තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ බදුල්ල බදුලුසිරිගම ප්‍රදේශයේ පිරිසකි.
ත්‍රී රෝද රථයේ තිරිංග ක්‍රියා විරහිතවීමත් සමගම රියදුරුගේ පාලනයෙන් මිදුණු ත්‍රිරෝද රථය පල්ලම් සහිත මාර්ගය ඔස්සේ අධික වේගයෙන් පැමිණ මාර්ගය අයිනේ වූ වේල්ලක හැපී පොඩි පට්ටම් වීමෙන් අනතුරු සිදුව ඇත.
නෑ ගමනක් ගොස් ගොස් ආපසු එමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත. අනතුරින් ත්‍රිරෝද රථයට ද බරපතළ හානි සිදු ව ඇත. කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝද රථ අනතුරින් 6 ක් රෝහලේ