IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ත්‍රීරෝද රථ අනතුරකින් විදේශීය කාන්තාවක් මරණයට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 6 කනුව ප්‍රදේශයේ අද (31) සිදුවූ අනතුරකින් විදේශීය කාන්තාවක් මරණයට පත්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.

මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ ස්පාඤඤ ජාතික කාන්තාවක් වන කුරේරා ජුබිස් ඇනා මරියා නැමති 36 හැවිරිදි කාන්තාවකි.

ඇගේ ස්පාඤඤ ජාතික පෙම්වතා සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇත.

මෙම පෙම්වතුන් යුවල ත්‍රීරෝද රථයකින් කොළඹ සිට අනුරාධපුරයට ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ මෙම විදේශීය යුවල  පමණක් ගමන් කර ඇති බවත් විදේශීය කාන්තාව ත්‍රී රෝද රථය ධාවනය කරමින් සිටියදී කිසියම් හේතුවක් නිසා හසුරුවා ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදේශීය කාන්තාව බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි.

අනතුරින් විදේශීය කාන්තාව අසාධ්‍යව තත්ත්වයේ සිටියදී ඒ අවට විශාල පිරිසක් එක් රැස් වී දුරකතන වලින් ඡායාරූප සහ විඩියෝ කරමින් සිට ඇතත් අසාධ්‍යව සිටි කාන්තාව පුත්තලම රෝහලට රැගෙන යාමට කිසිවකුත් ඉදිරිපත් වී නොමැති අතර තබ්බෝව ගම්මානයේ පදිංචි පුද්ගලයෙක් ඔවුන් ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයේ නන්වාගෙන ගොස් පුත්තලම රෝහලට  ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

මරණයට පත් කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම රෝහලේදී  පැවැත්වීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (0)

ත්‍රීරෝද රථ අනතුරකින් විදේශීය කාන්තාවක් මරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site