IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ත්‍රිරෝද රථවලින් මුදල් සොරාගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
නවතා තිබූ ත්‍රිරෝද රථවලින් මුදල් ඇතුළු දේපළ සොරාගත් අඹුසැමි යුවළත් මීගහතැන්න වල්ලෑවිටදී අද(12) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ 23 සහ 32 වයස්වල පසුවෙති.
 
මීට දින කිහිපයකට ඉහතදී විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔවුන් එලෙස සොරාගෙන ඇති ජංගම දුරකතන 5ක් පොලිසිය බාරයට ගෙන ඇත.
 
ඔවුන් වලල්ලෑවිට නගරයේ පවත්වාගෙන යන විසිතුරු භාණ්ඩ වෙළඳසැළට භාණ්ඩ මිලදී ගැනීම සඳහා මෙසේ සොරකම් කර ඇතැයි පොලිසිය කියයි. විශ්‍රාමික හමුද සෙබළාගේ මුදල් පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාඩ් පතින් ලක්ෂ දෙකක මුදලක් දින දෙකකදී සොරාගෙන ඇති බවද එම මුදල්වලින් වෙළඳසැලට පාවහන් මිලදී ගෙන ඇති බවද අනාවරණය වී ඇත.
 
සැකකරුවන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ත්‍රිරෝද රථවලින් මුදල් සොරාගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site