(රංජිත් රාජපක්ෂ)
හැටන් කුඩාගම සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන උඩරට දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා අද (18) දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසයි.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී අද දහවල් 12 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ.
අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදී ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් වූ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලී ඇත.
අනතුරින් තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරාගේ තත්ත්වය තරමක් බරපතල බවයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ත්‍රීරෝද රථයක් දුම්රිය මාර්ගයට පෙරලී තිදෙනෙක් රෝහලේ