IMG-LOGO

ත්‍රිරෝද රථයක් තාප්පයක ගැටී පුද්ගලයකු මරුට

(ඩී.ජී.සුගතපාල)
අම්බලන්ගොඩ  ඇල්පිටිය මාර්ගයේ බොරකන්ද ප්‍රදේශයේදි තරුණයින් තිදෙනෙකු ගමන් ගත යතුරුපැදියක් අද (21) අලුයම තාප්පයක හැපීමෙන් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (20) රාත්‍රි ඇල්පිටිය නගරයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා ආපසු එමින් සිටියදී ඔවුන් ගමන්ගත් යතුරු පැදිය බොරකන්ද වංගුවේදී තාප්පයක හැපීමෙන් අනතුර සිදුව ඇත.

එම ස්ථානයේදීම 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා පළමුව ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරු කර තිබේ.

පොලිසිය පැවසුවේ පසුගිය මාසයේ 23 වැනි දිනද මෙම ස්ථානයේ මේ ආකාරයටම යතුරු පැදියක් තාප්පයේ හැපි එහි ගමන්ගත් තරුණයින් දෙදෙනාම මියගිය බවයි. අනතුර සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (0)

ත්‍රිරෝද රථයක් තාප්පයක ගැටී පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 104 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site