IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ත්‍රි‘මලේ සහකාර ඉඩම් කොමසාරිස්ට අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට

(අමදෝරු අමරජීව)



ඉඩම් ගැටළුවක් විසඳීම සඳහා ලිපි ගොනුවක් තුළ රුපියල් 25,000 ක්  තබා ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ සහකාර ඉඩම් කොමසාරිස්ට අල්ලසක් ලබාදිමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය පවසයි.

සේරුනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් තම ඉඩම් ගැටළුව විසඳා ගැනීම සඳහා ගැටළු සහිත ලිපි ගොනුව තුළට රුපියල් 25,000 ක් තබා ලිපි ගොනුව  සහකාර ඉඩම් කොමසාරිස්වරයාට ඉදිරිපත් කර තිබේ.

ලිපි ගොනුව පරික්ෂා කිරිමේදී අල්ලස් මුදල දුටු සහකාර ඉඩම් කොමසාරිස් බී.නිජාහරන් මහතා මේ බව උප්පුවේලි පොලිසියට දැනුම් දිමෙන් පසු  වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.එස්.එම්.නිහාර් මහතාගේ මෙහෙයවිම යටතේ පොලිස් කණ්ඩායමක්  සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

ත්‍රි‘මලේ සහකාර ඉඩම් කොමසාරිස්ට අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site