(අමදෝරු අමරජිව)
බිලි පිති පත්නය සදහා වෙන් කර ඇති ත්‍රිකුණාමල ඇතුල් වරාය මුහුදේ දැල්දමා මසුන් ඇල්ලිමට එරෙහිව බිලි පිති ධිවරයෝ අද (22) ත්‍රිකුණාමල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට මාර්ග අවහිර වන සේ උද්ඝෝෂණයක නිරත වුහ.
ඉතා සුළු පිරිසක් විසින් සිදුකරණ නීති විරෝධි ක්‍රියාව නිසා සමස්ථ බිලිපිති කර්මානතය අනතුරේ බව කියන ධිවරයෝ මෙය වසර ගණනාවක සිට ඇදි ඇදී යන ක්‍රියාවක් බව බිලිපිති ධිවරයෝ පෙන්වා දෙති.
මෙලෙස විරෝධය දැක්වු පිරිස දැල් දමා මසුන් ඇල්ලු ධිවරයන් පදිංචි විර නගර් ප්‍රදේශයට යෑමට උත්සහ කරද්දි පොලිසිය විසින් ගැටුමක් සිදුවිමට ඇති අවධානම පැහැදිලි කර එය වලකාලනු ලැබිය.
ත්‍රිකුණාමල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඒ.එස්.කේ.ජයරත්න මහතා ඇතුලු නිලධාරි බිලිපිති ධිවරයන්ට පැවසුවේ සාකච්ඡා මගින්ම ප්‍රශ්ණයට කඩිනමින් විසදුම්ක් ලබාදෙන බවය.
මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරුදුන් ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ අනිල් සේනාරත්න මහතා පැවසුවේ 1973 වසරේ ගැසට් නිවේදනයක් මගින් ත්‍රිකුණාමල ඇතුල් වරායේ “සැලි පෝර්ට්“නම් කොටස බිලිපිති පන්නය සදහා පමණක් වෙන්කර දි ඇති බවත් එහි දැල් දැමීම තහනම් බවත්ය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ත්‍රි’මලේ බිලී පිති ධීවරයෝ විරෝධතාවක