
(තරංග ගුණරත්න)
දීර්ඝ කාලයක සිට තොරතුරු වසන් කරමින් ධීවර කටයුතුවල ද නිරත වූ බව කියන බහුදින ධිවර යාත්‍රා 7 ක වහාම ක්‍රියාත්මක වන පරිදි ධිවර කටයුතු අත්හිටුවීමට කටයුතු කළ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි .
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයට ලද තොරතුරක් මත නිල්වැල්ල සහ කෝට්ටෙගොඩ ධීවර වරාය ආශ්‍රිත ඔහු දින යාත්‍රා හතක් සදහා මෙම තහනම පනවා තිබිණි.
එහිදී දීර්ඝ කාලයක සිට එම යාත්‍රා මගින් දෛනික තොරතුරු වසන් කරමින් ධීවර කටයුතු වල නිරත වූ බව සදහන්ය. දෛනික මත්ස්‍ය අස්වැන්න මත්ස්‍ය අස්වැන්න නෙළාගත් ප්‍රදේශය සහ ගමන්ගත් ධීවරයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය නොවිම සම්බන්ධයෙන් එම යාත්‍රාවල නියමුවන්ට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව සදහන් ධීවර අමාත්‍යංශයේ උසස් නිලධාරියකු කියා සිටියේය.
අන්තර්ජාතික ධීවර නීතිවලට අනුව කටයුතු කළ යුතු බවත් එ අනුව නීති විරෝධී ආකාරයෙන් ධීවර කටයුතු වල නිරත වීමට කිසිදු ධීවර යාත්‍රාවකට හැකියාවක් නොමැති බව පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු ධීවර අධ්‍යක්ෂක ජනරාල් ජී ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් මත මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක එස්, එචි සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් ධීවර දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් නීති කටයුතු පිළිබඳ ධීවර පරීක්ෂක එන් එන් ඩි එස් යු පරණවිතාන මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන කටයුතු මෙහෙයවති.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තොරතුරු වසන් කළ බහුදින යාත්‍රා 7 ක ධීවර ගමන් අත්හිටුවයි