(ශාන්ත ප්‍රදීප් කුලරත්න සහ ජී.එච්.එස් කහටපිටිය)
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර සැමරුම් දින උත්සවය සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද (03) පැවැත්විණි.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහා ලේකම් කාර්යාලය මෙය සංවිධානය කර තිබුණි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ අබාධ සහිත දරුවන් අතරින් දිවයිනේ වැඩිම ළකුණු ලබාගත් සිසුන් හය දෙනෙකු , 2018 සමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ වැඩිම ළකුණු ලබා ගත් ආබාධිත සිසුන් 5 දෙනෙකුටද , උසස් පෙළ විභාගය සමත්ව වැඩිම කඩයිම් ලකුණු ලබාගෙන සරසවි වරම් හිමිකරගත් අබාධිත සිසුන් 9 දෙනෙකුටද මෙහිදී මූල්‍ය පරිත්‍යාගයන් පිරිනැමීම සිදු කෙරිණි.
කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වූ සමස්ත ලංකා ආබාධ සහිත වූවන්ගේ චිත්‍ර තරගාවලියකින් ජයග්‍රහණය ගැබූ සිසුන් 12 දෙනෙකුට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.
2019 වර්ෂයේ සහසක් නිමැවුම් තරගාවලිය සඳහා එළවලු පැල සිටුවන යාන්ත්‍රීක උදැල්ල නිර්මාණය කරමින් රන් පදක්කම දිනූ සිසුවාටද රුපියල් ලක්ෂයක මූල්‍ය පරිත්‍යාගයක් මෙම උත්සවයේදී පිරිනැමිණි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඒ.එස්.එම්.එස් මහානාම මහත්මිය , අබාධ සහිත තැනැත්තන් සඳහා වූ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජී.එල් පත්මකුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.




2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තරුණ සේවා සභාවේදී ජාත්‍යන්තර ආබාධිත දිනය සැමරේ