IMG-LOGO

තරුණ සේවා සභාවට අයත් ඉඩමක නිදන් හාරමින් සිටි අයෙකු අත්අඩංගුවට

(හේමලතා ඩී හේවගේ)                                                 

ජාතික තරුණසේවා සභාවට අයත් පන්නල බඩබැද්දවත්ත ගොවිපොල භූමියෙහි නිදන් හාරමින් සිටි පුද්ගලයෙකු අද (24) අත්අඩංගුවට ගත්බව පන්නල පොලිසිය කියයි.                             

බැකෝයන්ත්‍රයක් ඇතුඵ උපකරණ රැසක් ද මෙම පුද්ගලයා සමඟ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු දිවලපිටිය පින්නකැලේවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු  බව පොලිසිය සඳහන් කළේය.

ඔහු සමඟ එම ස්ථානයේ සිටි තවත් පිරිසක් පලාගොස් ඇති බවත් පොලිසිය පැවසීය.  

අක්කර 40 කින් සමන්විත මෙම භූමියේ සංවර්ධන කටයුතු සිදු කරමින් පවතින අතරතුරදී මෙම කැනීම් සිදුකර ඇති බවත් සැකකරු සමඟ නිදන් හැරීමට යොදාගත් බවට සැකකෙරෙන නාරස්සනයක් ,උදැල්ලක් , සවලක් , තහඩු බාල්දියක් ඇතුඵ මල් බුලත් තටුවක්ද එම ස්ථානයේ තිබී සොයාගත් බවත් පොලිසිය පවසයි.           

අත්අඩංගුවට ගත් සැකකරු ඇතුඵ භාණ්ඩ හෙට (25) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

                                                                                                                                                   



අදහස් (0)

තරුණ සේවා සභාවට අයත් ඉඩමක නිදන් හාරමින් සිටි අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site