(ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගරයේ පෞද්ගලික රෝහලක සේවය කළ 19 හැවිරිදි තරුණියක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනෙකු 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (03) නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අවුරුදු 27,23,25 යන වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකි.
පළමු සැකකරු තරුණිය සමඟ එම ආයතනයේම සේවය කළ අයෙක් බවත් ඇය සමඟ සම්බන්ධයක් ඇතිකරගෙන හෝටලයකට ගෙන ගොස් දූෂණය කර එම ඡායාරූප ජංගම දුරකතනය ඔස්සේ අනෙක් සැකකාර මිතුරන් දෙදෙනාටද යවා තිබේ.
පසුව මිතුරන් දෙදෙනා තරුණියට ඡායාරූප පෙන්වා බියට පත්කර හබරාදුව ප්‍රදේශයේ හෝටලයකදී ඇය දූෂණය කර තිබේ.
මේ අතර ඇයගේ සහෝදරයෙකු එම ඡායාරුප දැක සිද්ධිය දැන ගැනීමෙන් පසු පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තරුණියක් දූෂණ කළ තිදෙනෙක් 17 තෙක් රිමාන්ඩ්