(විජේරත්න රත්නායක)
නියමිත මිලට වඩා වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙළඳසැල් හිමියන් 44දෙනෙකුගෙන් අධිකරණය හරහා රුපියල් 121,500 ක මුදලක් දඩ මුදල් වශයෙන් අයකරගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
පාරිභෝගික පැමිණිලි හා වෙනත් තොරතුරු පාදක කරගෙන අදාළ නිලධාරීන් විසින් බදුල්ල දිස්ත්‍රික්කය පුරා ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙක තුළ පමණක් කරන ලද වැටලීම්වලට අනුව වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ බවට සැකපිට පුද්ගලයන් 60 දෙනෙකුට එරෙහිව බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, මහියංගනය යන මහේස්ත්‍රාත් අධිකරණ හා පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.
රුපියල් 87 ක් වූ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 90- 110 අතර මිල ගණන්වලට අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම නඩු පවරා තිබිණි. නඩු අතරින් මේ වන විට අවසන්වූ නඩු විභාග 44 කින් අධිකරණය හමුවේ වරදකරුවන් වූ පුද්ගලයන්ගෙන් ඉහත දඩ මුදල අයකරගෙන ඇත. සෙසු නඩු මේ වන විටත් විභාග වෙමින් පවතින බව අදාළ නිලධාරීහු පවසති.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ අනුමැතිය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් ප්‍රධානී/ සහකාර අධ්‍යක්ෂ කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන ඒ.එම්.ඒ.බී.දිසානායක, ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.ආර්.එම්.ෆස්ලි, එස්.එම්.නජාත්, එන්.එම්.රිෆ්කි, එම්.මුත්තුසිවනු යන නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීම්වලට අදාළව සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තිරිඟු පිටි වැඩි මිලට විකිණූ 44 කට දඩ