IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තිරිඟු පිටි කන්ටේනරයක් පෙරැළී 5කට තුවාල

(රංජිත් රාජපක්ෂ)
                        
තලවකැලේ සිට ඩයගම දක්වා තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු ඇතුළු සිව්දෙනෙකු  බරපතල ලෙස තුවාල ලබා අද(05) ලිදුල රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ලිදුල පොලිසිය කියයි.
 
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා ඔවුන් නුවරඑළිය මූලික රෝහල වෙත මාරු කර යැවු බව ලිදුල පොලිසිය පවසයි.
 
තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ ලිදුල බෙයාර්විල් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
 
ටොන් 15 ක පමණ තිරිඟු පිටි මෙම කන්ටේනරයේ ප්‍රවාහනය කර ඇතැයි පොලිසිය කියයි.
 
කන්ටෙයිනර් රථය  පාලනය කරගැනීමට නොහැකිව වංගුවක් ගැනීමේදි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇත.
 
කන්ටෙයිනර් රථයේ රියදුරු, රිය සහයකයා, තිරිඟු පිටි අලෙවි කරන ඒජන්සියේ නිලධාරියෙකු සහ තවත් සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ලිදුල පොලිසිය කියා සිටියි.
 
අනතුරට පත් ලොරි රථයේ තිබෙන තිරිගු පිටි ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර අනතුරෙන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.



අදහස් (0)

තිරිඟු පිටි කන්ටේනරයක් පෙරැළී 5කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site