IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තාරකා ඉබ්බන් ළඟ තබාගත් අයෙක්ට දඩ


 
 
ඉන්දිකා  රාමනායක
 
තාරකා ඉබ්බන්  27 දෙනෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්  මාලිගාකන්ද අධිකරණය හමුවේ  වරද පිළිගත්  විත්තිකරුවකුට අතිරේක මහේස්ත‍්‍රාත් අරුණ ආටිගල මහත්මිය අද (28) රුපියල් එක් ලක්ෂ තිස්දහසක දඩයක් නියම කළාය.


මෙලෙස දඩ මුදල් නියම වුයේ කොළඹ 7 බුලර්ස් පටුමගේ පදිංචි එච් ඩී රොෂාන් නිශාන්ත තැමැත්තාය.

 සැකකරු පදිංචි මහල් නිවසේ තාරකා ඉබ්බන් ඇති කරන බවට වනජීවි දෙපාර්තමේන්තුව වෙත ලැබුණ තොරතුරක් මත  සිදුකළ වැටලීමකදී මෙම තාරකා ඉබ්බන්  27 දෙනා වනජීවි  නිලධාරීන් බාරයට ගෙන  තිබු බව අධිකරණයෙන් වාර්තා වේ.

ස්වාභාවික  පරිසරයෙන්  තාරකා  ඉබ්බන්  27 දෙනෙකු අල්ලා ගැනීම,  දැඩි ආරක්ෂිත උරග   විශේෂයක් වන  තාරකා ඉබ්බන් 27 දෙනකු සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ  විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



අදහස් (0)

තාරකා ඉබ්බන් ළඟ තබාගත් අයෙක්ට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site