(දියතලාව - ඩී.කේ.රත්න)
සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේ නිවසකදී කාන්තාවක විසින් තියුණු ආයුධයකින් පුද්ගලයෙකුට පහරදීම නිසා අද (02) එම පුද්ගලයා සෙවනගල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි සෙවනගල පොලිසිය පවසයි.
සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේම පදිංචි මහේෂ් චතුරංග නැමති 35 හැවිරිදි පුද්ගලයෙකු මෙම පහරදීම නිසා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව තම අනියම් බිරිදගේ නිවසට ගොස් සිය 14 හැවිරිදි පුතුට පහරදීම නිසා එම කාන්තාව මෙම පුද්ගලයාට නිවසේ තිබූ තියුණු ආයුධයකින් පහරදීම නිසා දැඩි අසාධ්‍ය තත්වයෙන් සෙවනගල දිසා රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය සෙවනගල දිසා රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධියට සම්බන්ධ 42 හැවිරිදි කාන්තාව ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. සෙවනගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.යූ.එන්.අමරසිරි මහතාගේ උපදෙස් පරිදි සෙවනගල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු මරුට