(එච් එස් ඒ නන්දන සහ බුද්ධික කුමාරසිරි)
ඇඹුල්ගම පාසැල් ක්‍රීඩා පිටියේ අද (28) තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇඹුල්ගම සමගි මාවතේ අංක 100/5/2 හි පදිංචි වී සිටි තාරක මධුශංක නමැති (22) තරුණයෙකි.
අත්පන්දු ක්‍රිඩාවක් පැවැත්වෙන අතරතුර ඔහුගේ නම කියා පැමිණි පුද්ගලයෙකු හමුවට යාමෙදී වෙඩි හඩක් වැනි හඩක් ඇසීමත් සමඟ යතුරු පැදියකින් පසුව පැමිණි දෙදෙනෙකු තියුණු ආයුධය වලින් පහර දී පලා ගොස් ඇත.
අසාධ්‍යතත්වයේ පසුවූ තුවාලකරු අසල සිටි අය හෝමාගම මූලික රෝහල වෙත රැගෙන යාමට ක්‍රියා කර ඇති අතර එහි රැගෙන යන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය ට හේතුව පුද්ගලික පළිගැනීමක් ද යන්න සැක කරන අතර සිද්ධිය ට අදාළ සැකකරුවන් සොයා පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු සිදුකරයි.
මියගිය තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ දී සිදු කිරීම ට නියමිතය.හංවැල්ල පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තියුණු ආයුධයකින් පහර කෑ තරුණයෙක් මරුට