(සේනක බණ්ඩාර සහ දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිටඅඛණ්ඩව දින 19 කට වැඩිකාළයක් උපවාසයේ යෙදුණ ගොවීහු උපවාසය අත් හැරීමට අද (12) දහවල් කටයුතු කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හමු වී ජනාධිපතිතුමන්ට යොමු කිරීම සඳහා සන්දේශයක් බාර දීමෙන් අනතුරුව ඔවුහු උපවාසය අත්හැරියහ.
මහවැලි එච් කලාපයේ තඹුත්තේගම කොට්ඨාශයේගොවි ජනතාවට බලපා ඇති ගැටලු කීපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් තඹුත්තේගම මහවැලි එච්.කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට පසුගිය 24වැනි දින ගොවි ගෙවිලියන් පිරිසක් උපවාසයක් ආරම්භකළ අතර, තමන්ගේ යල්කනනයේ හානි වූ වගාවන් සදහා අක්කරයකට රුපියල් 50000 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට හා තම වගාවන්ට නිසිපරිදි ජලය ලබා නොදීමට විරෝධය පළ කරමින් ඒ ඇතුළු ඉල්ලීම් 10 ක් සම්බන්ධයෙන් ගොවි සංවිධාන 22 ක ගොවි ගෙවිළියෝ උපවාසයක් ආරම්භ කළහ.

ඡායාරූපය- සේනක බණ්ඩාර

ඡායාරූපය - දයාරත්න ඇඹෝගම
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තඹුත්තේගම ගොවීහු දින 19 ක උපවාසය අත්හරිති