IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තම පක්ෂයෙන් ඉවත්වී සජිත්ට සහය වන බව දිඹුලාගල ප්‍රා.සබා මන්ත්‍රී කියයි

(නිමල් ජයරත්න)
 
තම පක්ෂයෙන් ඉල්ලා අස් වී එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය උදෙසා කි‍්‍රයාකාරීව මැදිහත්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ දිඹුලාගල ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රී උදාර සඳරුවන් මහතා පැවසීය.
 
උදාර සඳරුවන් මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ එකම මන්ත‍්‍රීවරයාද වේ.
 
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණය පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කළ විමසීමකදි උදාර සඳරුවන් මහතා පැවසුවේ තමා පක්ෂයෙන් ඉල්ලා අස් වී මේ වනවිට දිඹුලාගල සජිත් පරපුර යනුවෙන් තරුණ සංවිධානයක් පිහිටුවා පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී ක‍්‍රියාකරන බවයි.
 
ඒ අනුව ඉදිරියේදි එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීමට තමා වටා සිටින සියලු තරුණ බල කඳවුරු මෙන්ම සාමාජිකයන් දායක කර ගන්නා බවද සඳරුවන් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.



අදහස් (7)

තම පක්ෂයෙන් ඉවත්වී සජිත්ට සහය වන බව දිඹුලාගල ප්‍රා.සබා මන්ත්‍රී කියයි

වීරවිජේ Wednesday, 02 October 2019 11:15 AM

එසේ මෙසේ ගොනෙක් නෙමේ..

:       0       0

max Wednesday, 02 October 2019 12:23 PM

දැන් ඉතින් JVP UNP පක්ෂ දෙකේ එහෙමට කියල වෙනසක් නැති නිසා අව්ලක් නෑ.

:       0       0

haramanis Wednesday, 02 October 2019 01:32 PM

අපිට මොකෝ

:       0       0

mangala Wednesday, 02 October 2019 02:41 PM

වම සහ දකුණ, අංශක 180 ටම හැරිලා. මේක ඔබලාගේ දේශපලනයේ සුලබ අවස්ථාවකි.

:       0       0

Somasiri Wednesday, 02 October 2019 05:49 PM

ඔය පටන් ගතේ පෙරහැර.

:       0       0

sam Thursday, 03 October 2019 01:26 AM

එතකොට තමුන්ට ඡන්දෙ දීල දිනවපු ජේවීපී ඡන්ද දායකයන්ට මොකද වෙන්නේ. 87 - 89 කාලේ සජිත්ගේ තාත්තගේ ආණ්ඩුවෙන් පරිප්පු කෑව ඡන්ද දායකයොත් ඒ ගොඩේ ඇති නේද. ඔවුන් මොකද කියන්නේ.

:       0       0

samanwimala Thursday, 03 October 2019 05:43 AM

අවුලක් නැහැ .දෙකම එකයි නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site