(උපාලි රණවීර)
ගම්පහ, විළිඹුල සරන්වත්ත ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත බව කියන තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට එරෙහිව ප්‍රදේශවාසී ජනතාව අද(29) මල්කැලේ හන්දියේදි විරෝධතාවයක නිරත වුහ.
හේනේගම ආරම්භ කර තිබූ මෙම තීන්ත කම්හල ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව හේතුවෙන් ඉවත්කර මෙම ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම්වෙමින් සිටින බව විරෝධතාවයේ නියුතු ජනතාව පැවසුහ.
මෙම කර්මාන්තය ආරම්භ කළහොත් රසායනික ද්‍රව්‍යවලින් හා අපවිත්‍ර ජලය බැහැර කිරීමෙන් පරිසරය විනාශ වී මිනිසුන්ගේ සෞඛ්‍යයටද තර්ජනයක් වියහැකි බවද ජනතාව පැවසූහ.
මෙම අවස්ථාවට සහභාගී වූ මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී කරස්නාගොඩ මහතා පැවසුවේ තම ගම් ප්‍රදේශය විනාශ කිරීමට පැමිණි මෙම ව්‍යාපාරය තමා දිවි පරදුවට තබා නවතන බවය. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් මෙම සටන ක්‍රියාත්මක කරන බව දොම්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී විතානගේ සුදරමී මහත්මිය පැවැසුවාය.
මෙම අවස්ථාවට දොම්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රාජා ලක්ෂ්මන් මහතා ඇතුළු ප්‍රදේශවාසීහු 200ක් පමණ සහභාගී වූහ.



2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තීන්ත කම්හලකට එරෙහිව විරෝධතාවක්
රවින් Sunday, 29 September 2019 09:51 AM
දිවි හිමියෙන් සටන් කරන කට්ටිය පාරට බැහැලා. සුඛෝපභෝගී වාහනේ ඇවිල්ලා ආරක්ෂකයෝ එහෙම වටකරගෙන. බොරුවට හිනාව දාලා ප්‍රදේශවාසින්ව රවටලා හිමින් සීරුවේ ගිහිල්ලා ඔය කර්මාන්තශාලාව හදන කට්ටියගෙන් ගානක් කපාගෙන ලබන ඡන්දෙට එයි. බලාගෙන ඉන්නකෝ.