IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


තත්ත්ව සහතිකය නැතිව ආරක්ෂිත හිස්වැසුම් විකිණූ 10 කට නඩු

(විජේරත්න රත්නායක)
                 
එස්.එල්.එස්.තත්ත්ව සහතිකය නොමැති ආරක්ෂිත හිස්වැසුම් අලෙවි කළ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙළඳසැල් හිමියන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.
              
මේ සම්බන්ධයෙන් එම කාර්යාලයීය නිලධාරීන් විසින් කරන ලද වැටලීම්වලට අනුව බදුල්ලේ  වෙළෙන්දන් සිව්දෙනෙකුට, බණ්ඩාරවෙල සිව්දෙනෙකුට හා වැලිමඩ දෙදෙනෙකුට මෙසේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
              
අදාළ වෙළඳසැල්වල අලෙවියට තිබූ ප්‍රමිතියෙන් තොර ආරක්ෂිත හිස්වැසුම් 56 ක් පමණ නිලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇති අතර දිස්ත්‍රික්කය පුරා තවදුරටත් මේ සම්බන්ධ වැටලීම් කෙරෙන බව එම කාර්යාලය පවසයි.
                
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ අනුමැතිය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් ප්‍රධානී කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන ඒ.එම්.ඒ.බී.දිසානායක, ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.ආර්.එම්.ෆස්ලි, එස්.එම්.නජාත්, එන්.එම්.රිෆ්කි, එම්.මුත්තුසිවනු යන නිලධාරීහු අදාළ වැටලීම් සිදුකළහ.



අදහස් (0)

තත්ත්ව සහතිකය නැතිව ආරක්ෂිත හිස්වැසුම් විකිණූ 10 කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 845 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2488 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1785 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site