IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


තංගල්ල නගරසභාව උණුසුම්වෙයි

(අනීෂා මානගේ)

තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයට කළ පොලිස් පහරදීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී චින්තක කැළුම් මහතා සිදුකළ විරෝධය ප්‍රකාශ කිරීමේ කතාවක් දුරදිග යාමෙන් අද(16) තංගල්ල නගරසභාවේදී  දැඩි උණුසුම්කාරි තත්ත්වයක් හටගත්හ. 

තංගල්ල නගරසභාවේ ජූනි මස සභාවාරය සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.  පසුගිය දිනෙක පොලිසිය විසින් උද්ඝෝෂණයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී චින්තක කැළුම් මහතා විරෝධය පළ කළේය. එහිදී සභාවේ මන්ත්‍රීවරුන් අතර පැය භාගයක පමණ කාලයක් තිස්සේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

චින්තක කැළුම් මන්ත්‍රීවරයා මෙසේ අදහස් පැවසීය.
උද්ඝෝෂණය කළ අය එය සිදුකළේ නිරෝධායන නීති පිළිපදිමිනුයි. නමුත් පොලිසියෙන් ඒ අයට පහර දුන්නා. ගර්භණී මවකටත් පහරදී තිබුණා. ජනාධිපතිතුමා සහ ඇතැම් හිටපු මන්ත්‍රීවරු මෙයට සමාව ගත්තා. මේ රටේ දේශපාලකයෝ කාලයකට එහෙම කරනවා. ගහන්න ඉඩ ඇරලා සමාව ගන්නවා.
ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ මේ වගේ වැඩ කරන්නද? කිසිදු දේශපාලනඥයෙන් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. බලය දෙන්නත් එපා. ජනාධිපතිතුමා එළියට බැස්ස ගමන් සමහරු ගිහින් පිටිපස්සෙන් හිටගන්නවා. මේ අය ජනතාව රවටනවා. හොඳ වගේම නරක කියන්නත් අපිට කොන්දක් තිබෙනවා. රටේ එක එක පුද්ගලයන්ට එක එක නීති තිබෙන්නේ යැයිද කීවේය.

ආණ්ඩු විසින් පොලිසිය ලව්වා මිනිස්සුන්ට ගස්සවන බවද මිනිස්සු ලවා පොලිසියට ගස්සවන බවද මොවුන් හොඳින් ඉඳගෙන දෙපැත්ත කොටවන බවද සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතා පැවසීය.  නූගත් දේශපාලනයට තරුණයන් ලෙස තමන් විරුද්ධ බවද අලුත් මිනිස්සුන්ට වැඩ කරන්න දීලා යන ලෙස තමා ඉල්ලන බවද හෙතෙම කීවේය. කාටවත් මම කඩේ යන්නෙ නැහැ. මේ අයගේ ආණ්ඩු කාලයේදී පොලිසියෙන් ජනතාවට මොනවද නොකළේ.

වතුර ඉල්ලනකොට වෙඩි තිබ්බා. දැන් සමහරු වතුකරයේ ඡන්ද පස්සෙන් පෙරේතකමට ගියා. ඇයි සභාවේ මන්ත්‍රීවරු මේවට කතා කරන්නෙ නැත්තේ යැයිද සභාපතිවරයා ප්‍රශ්න කළේය.

පසුගිය දිනයක විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුට ටයරයක් පෙරළලා ඇවිද්දගන්නවත් බැරි තත්ත්වයට පත්කළා. පොලිසිය පොඩ්ඩක් තල්ලු කළා කියලා දැන් සුද්දවන්තයෝ වෙන්න හදනවා. රාජපක්ෂට ගහන්න නගරසභාව වේදිකාවක් කරගන්න ඕනෑ නොමැති බව පොදුජන පෙරමුණ මන්ත්‍රී ශාන්ත නිහාල් අන්ද්‍රාහැන්නදි මහතා පැවසීය.

 



අදහස් (0)

තංගල්ල නගරසභාව උණුසුම්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site